ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ්යේ දී අද(26දා) අලුයම අධි සුඛෝපභෝගී බස් රථයක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මාර්ගය අසල නවතා තිබූ හාල් ප්‍රවාහනය කරන ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි රියැදුරු රිය සහයක වරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ මගීින් ප්‍රවාහනය කරන ලද අධි සුඛෝපබෝගී බස් රථයක් සහ කොළඹ සිට මඩකලපුව ප්‍රදේශයට විදේශ රට වලින් ගෙන්වූ සහල් රැගෙන යන කන්ටේනර් පෙට්ටියක් සහිත ලොරි රථයක් බව ගලේවෙල පොලිසිය කියයි.
ලොරි රථයේ රියැදුරු කියා සිටියේ අලුයම තුනට පමණ තමන් තලකිරියාගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට රථය නවතාගෙන පෝලිමේ සිටි බවය
පෝලිමේ තමන් අවසානයට සිටි බවත් ඉදිරියට ගැනීමට සූදානම් වෙද්දීම පිටුපසින් විශාල ශබ්දයක් ඇසීමත් සමග තමන්ගේ රථය ඉදිරියට විසිවී ගිය බවයි.
බස් රථය වේගයෙන් පැමිණ නවතා තිබූ මෙම ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි ද තුවාල ලබා සිටින බස්රථ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව විය හැකි බව පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි.
පසුව එම ස්ථානයේ රැස්වූ පිරිස අධි සුඛෝපභෝගී බස් රථයේ වීදුරු කඩා ටිපර් රථයක් යොදා ගෙන එහි ආසන ගානට සිටි මගින් බිමට බස්සවා ගත් බව ප්‍රදේශවාසීහු පොලිසියට පවසා ඇත
තුවාල ලැබූ පුද්ගලයන් ගෙන් හතර දෙනෙකු පිරිමි පුද්ගලයන් බවත් දෙදෙනෙකු කාන්තාවන් බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.





