අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍රදේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා ඊයේ (09දා) රාත්‍රී කොග්ගල්ල ප්‍රදේශයේ කැළයක සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
නියෝජ්‍ය පොලිස් පතිවරයාගේ යටතේ ඇති මාතර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකල විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියද, ගිනි අවියද අත් අඩංගුවට ගැනිමට හැකි වී ඇත.
ඉකුත් 07 දා අම්බලන්තොට නගරයෙන් ගමන් වාරය ආරම්භ කර කොග්ගල් බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවට අයත් ලංගම බස් රථය මදයමලලන්ද ප්‍ර දේශයට ලඟාවනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියෙන් බස්රථය හරස්කර නතර කර බස් රථයට ගොඩ වී බස් රථයේ ගමන් ගත් ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිනි. තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට මුලින් ඇතුලත් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලටත්, ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරුකර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
මෙම සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකල මාතර හම්බන්තොට විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරිහු කොග්ගල් ප්‍රදේශයේ කැළයක සැඟව සිටි මෙම සැකකරුවන් දෙදෙනා (09) රාත්‍රී අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එස්.එම් සුපුන් ශ්‍රී මදුසංක නෙහොත් කඩවර ඉෂාර (31)උතුර කඩවර කොග්ගල්ල පදිංචි අයෙක් සහ රාපක්ෂ පතිරණ දිල්ශාන් (21) පහලගම කොග්ගල්ලපදිංචි යන අය බව පොලීසිය කියයි.
කාලයක් තිස්සේ පවතින ආරවුලක් පදනම් කරගනිමින් දෙපිරිසක් අතර මේ ආකාරයෙන් ආරවුල් වාර්ථා ඇති අතර මිට පෙර අම්බලන්තොට කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ දී කඩවර ඉෂාර (31)නමැති අයගේ නිවසට පැමිණි පුද්ගලයින් කීපදෙනෙකු විසින් 2023.07.18 දින රාත්‍රී ඔහුගේ මාමණ්ඩියට වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේවනවිට රක්ෂිත බන්ධනඝාරගතකර තිබේ. ඒ සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණයේ පවතින නඩු විභාගයක් වෙනුවෙන් සහභාගී වෙමින් නිවාස බලා යමින් සිටි රක්ෂිත බන්ධනඝරයේ සිටින අයෙකුගේ මවකට මේ ආකාරයෙන් බස්රථය තුලදී වෙඩිතබා තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හා ගිනි අවියද , යතුරු පැදියද අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන බව නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
