බස් රථ ගිනි තෑබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි
මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත මාර්ගය අසල කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපලවලට හානි සිදුකර ඒ අසල වූ බස් රථ සහ වෙනත් වාහන ගිනි තබා අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය ඉල්ලා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලස සඳහන් කරනුයේ එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන තුලින් උපුටා ගත් ඡයාරෑප දෙකක් මාධ්‍යට නිකුත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධ තොරතුරක් වේනම් පහත සඳහන් දුරකථ අංක වෙත දැනුම් දෙන මෙන්ද අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි බවයි
එම දුරකතන අංක
විමර්ශන භාර පොලිස් අධිකාරී - 0718591755
ස්ථානාධිපති, ඩිජිටල් වෝහාරික අංශය - 0718594929
අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව - 0112444265
popular news
-
Deepal Nirosh Monday, 04 April 2022 03:41 AM
මේ කට්ටිය අත්අඩංගුවට ගන්න කැබිනට් මණ්ඩලය අස් වෙනකම්ම ඉන්න වුණා. ඇයි ගිනි තියන වෙලාවෙ බලන් හිටියෙ? ඒව පැත්තක දාමු. තොරතුරක් දෙන අයගෙ රහස්‍යතාව හා ජීවිතාරක්ෂාව පොලිසිය භාර ගන්නව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

