හොරණ කොළඹ මාර්ගයේ කෝරලඉම ප්රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්රවාහනය කරන බස් රථයක් අද (23දා) අලුයම එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 25ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින අතර ලංගම බස් රථයේ කිසිවකුට තුවාල සිදුවී සිදු වී නැතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇඟලුම් බස් රථයේ රියදුරු සහ කාන්තාවන් තිදෙනකු කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් වෑතර රෝහලට ඇතුළත් කර ඇත.
වෑතර රෝහලේ ප්රතිකාර ලබන අයගේ තත්ත්වය බරපතළ නොවන බවත් බහුතරයක් දෙනා තැලීම් හේතුවෙන් රෝහල් ගත වූවන් බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය
පාතකඩ ප්රදේශයේ සිට කහතුඩුව ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය කහතුඩුව දෙසට පැමිණීමේදී හොරණ සිට කොළඹ බලා ඉදිරියෙන් ගමන් ගත් ලංගම බස් රථය වෙනත් වාහනයකට යාමට ඉඩ දීම සඳහා තිරිංග තද කිරීම හේතුවෙන් ඇඟලුම් සේවක බස් රථය ලංගම බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ඇඟලුම් සේවක බස් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඇඟලුම් සේවක සේවිකාවන් ප්රවාහනය කර බස් රථයේ ඉදිරිපසට බරපතළ හානි සිදු වී ඇති අතර ලංගම බස් රථයේ පිටුපස හානි සිදු වී ඇත.



