රහල අරණායක මාර්ගයේ රහල මධ්‍යම බෙහෙත් ශාලාව ආසන්නයේ අද (21දා) උදෑසන ලංගම බස් රථයක වේගය පාලනය කිරීමට නොහැකිව අඹගසක ගැටි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් අරණායක පොලීසිය පවසයි.
මෙලෙස ජිවිතක්යෂට පත්වූයේ, 14 හැවිරිදි වියේ පසුවන රහල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන අතර, ඔහු උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි.
තුවාලකරුවන් අතර දරුවන් 09 දෙනෙකු සිටි බව පොලීසිය සඳහන් කරයි.
මිය ගිය දරුවා අද (21දා) උදෑසන පාසල් යෑමට වංගු සහිත හෙලක් පාමුල සිට බස් රථය එන තෙක් එහි රැඳී සිටින අතරවාරයේදී බස් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
තුවාල ලැබු සියලු දෙනා අරණායක රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්ත්වයන් නොමැති බව අරණායක පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
