බස් රථයක් පෙරළී රියදුරු මරුට අටකට තුවාල
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද 18 උදේ හල්දුම්මුල්ල ඌව තැන්න නායමඩිත්ත ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගල් ඇන්දෙක හැපීමෙන් බස් රථය මාර්ගය හරහා පෙරළී ගොස් රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද තවත් කාන්තාවක් කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇතැයිද හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
බස් රථයේ රියදුරු ආසනපටි පැළඳ නොසිටි බවට සහ එක්වරම රියදුරු අසුනේ දොර විවෘත වීමෙන් පසු කලබල වී බස් රථය රියදුරු පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියේ හැපී මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවට මගීන්ගෙන් ලද තොරතුරු අනුව අනාවරණය වූ බවද හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතා පැවසීය.
බස් රථයෙන් එළියට විසිවී පාර හරහා ඇද වැටී සිටි රියදුරු බස් රථයට යටවී බරපතළ ලෙස තුවාල ලබා සිටියදී ප්රදේශවාසීන් මුදවාගෙන රෝහල්ගත කළ ද රියදුරා ජීවිතක්ෂයට පත්වී ඇති බවද එක් අයෙකුගේ අත බරපතල ලෙස තුවාල සිදුවී ඇති බවද පොලිසිය පැවසීය.
අවුරුදු හතක දරුවකු ඇතුළු සිව් දෙනකු වැඩිදුර ප්රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය. තවත් මඟීන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
ඡායාරූප එවා ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

