බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ දී අද (18දා) උදේ බස්රථයක් ප්රපාතයකට පෙරළීමෙන් එහි රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
උමාඔයට සේවකයින් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත් වී ඇත. බණ්ඩාරවෙල සිට ඇල්ල මාර්ගයේ ධාවනය වූ බස් රථය කරඳගොල්ල දී පාරෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය කියයි. ඇල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
