කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ .
අද (06දා) පෙ.ව 09.30ට පමණ කහවත්ත පොලිස් වසමේ වටාපොත වත්තේ දි මාර්ග අංක 498 යටාගරය කහවත්ත ධාවනය කරන ලද පුද්ගලික බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් වටාපොත වත්තේ දි ප්රපාතයකට පෙරළී ඇතැයි කහවත්ත පොලිසිය පවසයි .
එම අවස්ථාවේ බස් රථයේ මගීන් 09 දෙදෙනකු පමණක් ගමන් කර තිබේ .
අනතුරට පත් විම හේතුවෙන් තුවාල ලබා තුවාලකරුවන් දෙදෙනකු කහවත්ත මුලික රෝහලේ නේවාසික ප්රතිකාර ලබන අතර තවත් අයෙක් නිවිතිගල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .
ඔවුන්ගේ තත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි . සුළු තුවාල ලැබු කිහිප දෙනෙකු කහවත්ත රෝහලේ බාහිර අංශයෙන් ප්රතිකාර ලබාගෙන පිටත්ව ගොස් තිබේ .
රත්නපුර ලසන්ත නිරොෂණ පෙරේරා

