බස් රථයකට යටවීමෙන් තිදරු මවක් මරුට
මොරන්තුඩුව දෙල්දූව ප්රදේශයේ දී අද (25) බස් රථයකට යට වීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මොරොන්තුඩුව පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ එල්. මාග්රට් කුසුම ලතා ප්රනාන්දු නැමැති 71 හැවිරිදි තිදරු මවකි .
ප්රතිකාර ගැනීම සඳහා රෝහලට යාමට බස් රථයක් එනතුරු දෙල්දූව විහාරස්ථානය ආසන්නයේ වෙළඳ සැලක් අසල රැඳී සිට ඇති කාන්තාව කළුතර දෙස සිට බස් රථය පැමිණෙන අයුරු දැක පාර මාරුවීමට යාමේදී එම බස් රථයේ ඉදිරිපස,රෝදයකට යටවී ඇතැයි පොලිසිය කියයි .
අනතුර සිදු වීමත් සමගම වහා ක්රියාත්මක වූ ප්රදේශවාසීන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කුඩා ලොරි රථයක නංවා ගෝනදූව ප්රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිටි බැව් රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

