අද පෙරවරුවේ පල්ලෙවෙල පොලිස් වසමේ මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍ර දේශයේදී මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් දෙදෙනාම මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 25 හා 35 වයස්හි පසුවන අමිතිරිගල හා දෙහිඕවිට ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. මෘත ශරීර ඥාතීන්ට භාර දී තිබේ.