කරුවලගස්වැව තබ්බෝව ප්රදේශයෙ 10 බස් රථ තුනක් ගැටිමේන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
අනුරාධපුර සිට කොළඹ බලා ගමන් කරමින් ලංගම බස් රථයකට පුද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට යාමේදි කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් තිබු බස් රථයක ගැටිමේන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ තුනේම මගීන් 200 කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති බවත් යම් හෙයකින් මෙම බස් රථ තබ්බෝව ජලාශයට පෙරළි ගියෙ නම් විශාල හානියක් සිදු විමට ඉඩ තිබු බව කියයි.
පොලිසිය පවසන්නේ බස් රථ රියදුරන්ගේ අධික වේගය හා නොසැලකිල්ල මෙම අනතුරු වලට හේතු වී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයෙ රියදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ/ කරුවලගස්වැව ජයරත්න වික්රමආරච්චි