දික්වැල්ල - බෙලිඅත්ත ප්රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද(25) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වීරකැටිය ප්රදේශයේ සිට මාතර දෙසට ගමන්ගත් පුද්ගලික බස්රථයක් ,මාතර සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක එකිනෙක ගැටීමෙනි.
අනතුරෙන් පුද්ගලයින් 30දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.