ගැටලු පැවැතුනත් හෙට දිනයේදී පාසල් ළමුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා බස් රථවලින් සියයට 90ක් වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් සීමිතව පැවැත්වූ පාසල් කටයුතු හෙට දිනයේ සිට සතියේ දින පහම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එසේම ඇතැම් ඩිෆෝ මගින් ඉන්ධන ලබාගැනීමේ ගැටලු ඇති බවත් දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මෙම ගැටලුව උග්‍රව පවතින බවත් ඔහු පැවැසීය.