ඉදිරියේදී කොළඹ බලා ධාවනය වීමට නියමිත බස් රථ වල, ආසනයක් වෙන් කරවා ගැනීම සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර මාවතේ පිහිටා ඇති පෞද්ගලික බස් සමාගමක කාර්යාලයේ ඉදිරිපිට අද (15දා) උදෑසන දිගු මහජන පෝලිමක් දක්නට ලැබුණි.
අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මහව සිට අනුරාධපුර දක්වා මාස හයක කාලයක් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන්, මගින්ට බස් රථවල ගමන් කිරීමට සිදු වීම හේතුවෙන්, මෙලෙස දිග පෝලිම් දක්නට ලැබුණු බව මගීහු පවසති .
