බස්නාහිර පළාතේ ලියාපදිංචි එමෙන්ම පූර්ණ කාලීන වශයෙන් කුලී රථ ලෙස කටයුතු කරන ත්‍රි රෝද රථ සඳහා අද රාත්‍රි යේ සිට ඉන්ධන සතියට ලිටර් 10ක් ලබා ගැනීමට අවස්ථාව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ මේ වන විට ඔවුන්ට ලබාදෙන ඉන්ධන ලීටර් 5 ලීටර් 10ක් දක්වා වැඩිවන බවයි. කෙසේ වෙතත් එම සුදුකම ලබා ගැනීමට නම අදාළ ත්‍රි රෝද රථය පොලිස් දෙපාර්තමේනතුවේ හා පළාත් ගමනාගම අධිකාරියේ මාර්ගගතව ලියාපදිංචි කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.