පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පලකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (26) උදෑසන සිට බස්නාහිර පලාතේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කර තිබේ.
පරිපූරක වෛද්‍ය සේවාවේ සහ හෙද සේවාවේ මෙන්ම අතුරු වෛද්‍ය සේවාවට ඇතිව තිබෙන වැටුප් විශමතාවය පිලිබඳව අදාල පරිපාලන වශයෙන් එම සේවන්ට තිබෙන ගැටළු සහගත තත්වයන් පිලිබඳවත් විසඳුම් ලබා නොදීමට බලදාරීන් විසින් ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනයන්ට යොමුවන බව එහි සභාපති රවී කුමුදේස් සඳහන් කරයි.