නීතිඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස්පතිවරයාගෝ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ දැනුමකින් තොරව මෙම බී වාර්තාව ඉදිරිපත් කර ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.