බස්නාහිර පළාත තුළ අද දිනයේදී විශේෂ ගෑස් බෙදාහැරීමේ සැලැස්මක් ක්රියාත්මක කරන බව ලිටෝ සමාගම පවසයි. කොළඹ. කලුතර, ගම්පහ යන දිස්ත්රික්කවල මෙම ගැස් බෙදා හැරීමේ සැලැස්ම ක්රියාත්මක වෙයි.
කිලෝග්රෑම් 12.5, කිලෝ ග්රෑම් 5 සහ කිලෝග්රෑම් 2.3 බරැති ගෑස් සිලින්ඩර එම ප්රදේශවල බෙදා හැරීමට නියමිතය. අද පස්වරුවේ සිට පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩර මිලදී ගැනිමට හැකි බව සමාගම පවසයි.
තෝරාගත් අලෙවි නියෝජිතයින් 159 දෙනෙකු අතර ගෑස් සිලින්ඩර 16,987ක් බෙදා දීමට නියමිතය. මෙහිදි කිලෝග්රෑම් 12.5 බරැති ගෑස් සිලින්ඩර 14,977 ක්, කිලෝග්රෑම් 5 ක සිලින්ඩර 1005 ක් සහ කිලෝග්රෑම් 2.3 ක් බරැති සිලින්ඩර් 1005 ක් බෙදා හැරීමට නියමිතය.