මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භයට පෙර ලබන 15 වැනිදා දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සම්පාදනය කර තිබේ.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසින් සිදු කෙරේ. ඒ අනුව මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ කොළඹ, පිළියන්දල, හෝමාගම සහ ජයවර්ධනපුර යන අධ්‍යාපන කලාප හතර තුළම මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඞී. ධර්මසේන මහතා පැවසීය.
පාසල්වල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අනුව ඇතැම් පාසල් දෙක තුනක් සදහා එක් මධ්‍යස්ථානයක් ලෙසින් සහ අනෙකුත් පාසල්වල සිසුන්ට අධ්‍යාපනය හදාරන පාසල තුළින්ම වන ලෙස මධ්‍යස්ථාන යොදා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අදාළ මධ්‍යස්ථාන පිළිබද සියලූ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිවල සවිස්තරාත්මකව පළ කරන අතර සිසු දරුවන්ට සහ දෙමාපියන්ට එම වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.