බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ස්ථාන 11 කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසයි.
පුද්ගලයින් 326 දෙනෙකු එලෙස ඊයේ දිනයේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ.
ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර අහඹු ලෙස සිදුකරන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලීසිය පැවසීය.