ඉන්ධන ගාස්තු දැනෙන ආකාරයකින් අඩුවුවහොත් බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟතාවයට ආවට පස්සේ දැන් ඉතින් වැඩකරන රටක් වෙන්න ඕන. මේ අනුව ප්‍රවාහන පහසුකම් දෙන්න අප්‍රේල් මාසය වන විට අලුත්ම බස්රථ 500ක් පමණ ධාවනයට එක්කරනවා. විශාල ප්‍රමාණයේ බස් රථ 100කුත් අලුතින් යොදා ගන්න බලනවා.
ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. විනියම ගාස්තු ස්ථිර වෙලා ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩුවුණොත් ඉන්ධන ගාස්තු අඩුවෙනවා. අමතර කොටස් හා වෙනත් ගෙන්වන දේ වල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න පුළුවන්.
කංචන ඇමතිතුමා සඳහන් කරන්නේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු සංශෝධනය කළ හැකි මිල අඩුවීමක් වෙයි කියලා. ඒ වගේම තමයි ලෝක වෙළඳපොළ තුළ මිල වැඩිවීමක් වුණොත් මිල වැඩිවෙනවා.”