බූස්ස තරුණයන්ගේ සිරුරු පිිළිස්සූ ස්ථානය සොයාගනියි
රත්ගම, බුස්ස ප්‍රදේශයේදී පසුගිය 23 වනදා ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත පොලිස් පරීක්ෂක වරයාගෙන් හා උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් ලබා ගත් තොරතුරුවලට අනුව වලස්මුල්ල මැදගොඩ ප්‍රද්ශයේ උඩදෙනිය රක්ෂිතයේ තිබී අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පිළිස්සූ ස්ථානයක තිබී මිනිස් ඇටසැකිළි හා හිස කෙස් සොයාගැනීමට හැකිවී තිබේ.
අදාළ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා හා රජයේ රසපරීක්ෂක රොෂාන් ප්‍රනාන්දු ,මාතර මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය යන මහත්වරුන් විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම මිනිස් අස්ථි කොටස් හා කෙස් සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
රාහුල් සමන්ත



popular news
-
Champa Friday, 22 February 2019 11:09 PM
අසාමාන්‍ය කතාවක් මේක. අහුවෙන බව දැන දැනම ඇත්තටම පොලිසියට මෙහෙම කරන්න හේතුව මොකක්ද? කවුරු හරි ඕඩරයක් දුන්නද? නැත්නම් නිරාපරාදේ අහිංසකයන් දෙන්නෙක් මරල පුච්චන්න පෞද්ගලික කෝන්තරයක් තිබ්බද? නැත්න්ම මේ මිනිස්සු දෙන්නම තෝරා ගත්තේ මොකොද? පව් අර දරුවෝ තාත්ත එනකම් අඬ අඬ බලා ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

