බැසිල්ගේ පළමු අයවැයට වැඩ අරඹයි
අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම සිදුවිය.
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සකස් කරන පළමු අයවැය මෙය වෙයි.
දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම, සංචාරක ක්ෂේත්රය නගාසීටුවීම, ධීවර ක්ෂේත්රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගාසිටුවීම, සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අය-වැය යෝජනා සකස් කිරීමේ දී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන් වූ බැවින් මෙවර අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේය.




popular news
-
පප්ප Wednesday, 11 August 2021 04:28 PM
අනේ මෙයාට කරන්න පුලුවන් වැඩ.මෙයා ලැන දන්න රට්ටුන්ට දෙපැත්තෙන්ම හිනා යනව. අනේ මේක පලකරන්න
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
