බසයෙන් ගාල්ලට ගිය කෘෂි ලේකම්
ඉන්ධන අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අද (16දා) ගාල්ල වලහන්දූව ආදර්ශ ගොවිඅපලේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පුද්ගලික බස් රථයකින් ගාල්ලට පැමිණියේය.
කොළඹ සිට බස් රථයකින් පැමිණි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ වලහන්දූව ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් බසයෙන් බැස ගොවිපළේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී විය.
කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් වරයා පිළිගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂක සමන් ජයසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්‍රම
popular news
-
Demuni Uduwara Friday, 17 June 2022 12:51 AM
An exemplary acts are seen due to country's bankruptcy!
Reply : 0 0
Kandy Whip Friday, 17 June 2022 07:56 AM
Commendable action by secretary. This is a good example for all these bureaucrats who thinks that without perks they cannot function
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

