බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඊළඟ සභා වාරය යෙදෙන ලබන 22 වැනිදා විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ මන්ත්රීවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධව මන්ත්රීවරුන්ගේ විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාව සකස් කරන බවත්, ඊට සහාය පළ කරමින් අත්සන් තැබීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් බහුතරයක් සූදානමින් සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයෙකු පැවසීය.
ආණ්ඩුකාර ධුරය වැනි වැදගත් තනතුරකට පුද්ගලයෙකු පත් කිරීමේදී ඊට ගැළපෙන, සියලු දෙනාගේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බවත්, අසාද් සාලි මහතා පත් කිරීමේදී දේශපාලන හිතවත්කම පමණක් සලකා බලා තිබෙන බවත් එම මන්ත්රීවරයා සඳහන් කළේය.
පළාත් සභා රැස්වීමට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී මන්ත්රීවරුන් අත්සන් කළ යුතු ප්රමාණයක් දක්වා නොමැති අතර, සුළුතර වැඩි ඡන්දයෙන් එම යෝජනාව සම්මත කරගැනීමට මන්ත්රීවරුන්ට අවස්ථාව තිබේ.
popular news
-
Champa Friday, 11 January 2019 10:37 AM
එල එල. අනික අසාද් සාලි කියන්නේ තනිකර ජාතිවාදියෙක්. 2015 සිංහලයන්ට එරෙහිව ජාතිවාදී උසි ගැන්වීම් කරපු මිනිහෙක්. 2015 පෙබරවාරි 18 විමල් නුගේගොඩ තියපු රැස්වීමට ආපු ලක්ෂ ගණන් සිංහලයෝ බෞද්ධ කොඩි අරන් ආව කියලා අසාද් සාලි ලොකු විවේචනයක් කළා. සිංහල බෞද්ධයෙක්ට බෞද්ධ කොඩියක් අරන් එන්න දුන්නේ නැති මිනිහව දැන් බස්නාහිර ආණ්ඩුකාරය කරලා. ලංකාවේ පළාත් නමය අතරින් දේශපාලනිකව සහ උපායමාර්ගිකව ඉතාම වැදගත්, ප්රධාන පළාත් තුනම, බස්නාහිර, උතුර සහ නැගෙනහිර සුළු ජාතීන්ට දීපු ජනාධිපති සිංහලයෙක්ද කියන එකත් සැකයි. රටේ මුළු ජනගහනයෙන් යන්තම් සියයට 11ක් සහ සියයට 7ක් වෙන දෙමල සහ මුස්ලිම් ජාතීන්ට ආණ්ඩුකාර තනතුරු දීපු එක වැරදියි.
Reply : 0 0
DILUM Friday, 11 January 2019 01:03 PM
පක්ෂ බේදයෙන් තොරව හොද වැඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

