බවුසර් රථවලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය ඉන්ධන අර්බුදයත් සමග අවම වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.
මේ නිසා ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි බව ලේකම්වරයා සඳහන් කරයි.
එදිනෙදා ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීම සඳහා බවුසර් රථ 300ක් 350අතර අවශ්‍ය වුවත් ඉන්ධන බෙදාහරිනු ලබන්නේ බවුසර් රථ 100 ත් 150ත් අතර ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.