පෞද්ගලික අංශය හරහා කුලියට යොදවා ඇති ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ වර්ජනයකට යන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහන කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන ප්‍රවාහන කිරීම සඳහා බවුසර් රථ යොදා ගැනිම ක්‍රම තුනකට සිදුවන බව ඔහු පවසයි. රජය මගින්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ බවුසර හ පෞද්ගලික අංශයෙන් කුලියට ගත් බවුසර යන ක්‍රම තුන මගින් ඉන්ධන ප්‍රවාහනය කරන බවත් කුලියට ගත් බවුසර වර්ජනය කරන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහනය කරන බව ඔහු පවසයි.
2021 වසරේ ජුලි මාසයේ සිට සියලු දෙනා එකඟ වූ මිල සූත්‍රය අනුව මේ වන විට පස්වතාවක් මිල ඉහළ දමා ඇති බවත් ඒ අනුව ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ ගාස්තු සියයට 84කින් පමණ ඉහළ නංවා ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.