දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද(09දා) ඉන්ධන බවුසර රථයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසියට හසු කර දීමට මාර්ගයේ ගමන් කළ පිරිසකට හැකි වී තිබේ.
එම තොරතුරු ලබාදුන් මාර්ගයේ ගමන් ගනිමින් සිටි මගියෙකු සීගිරිය පොලීසියට මෙන්ම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන්ට ද මේ බව දුරකථනය හරහා දැනුම් දෙමින් ඔවුන් රහසිගත ස්ථානයක සැඟවී සිට තිබේ.
ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබු ඉන්දියන් ඔයිල් සමාගමට අයත් මෙම පුද්ගලික ඉන්ධන බවුසරය රියදුරු සහ රිය සහයකවරයා කැලෑබද ප්‍රදේශයක ඉන්ධන බවුසරය නවතා එහි තිබූ ඉන්ධන ලීටර් 210 ක් වූ බැරල් දෙකකට සහ තවත් බූලි කීපයකට ඩිසල් පිටතටතට ගෙන ඇතැයි තොරතුරු කරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
පොලිසිය එම ස්ථානයට යන විට කුඩා ලොරි රථයකින් ඩිසල් ලීටර් 210 ක් පිරවූ බැරල් එකක් සහ අනෙකුත් කුඩා කෑන් කිහිපයක් එම ලොරියෙන් රැගෙන ගොස් ඇතැයි තොරතුරු කරු පොලිසියට ප්‍රකාශ කර ඇත
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ලීටර් 20 බැගින් වූ කෑන් දෙකක් පොලිසිය භාරයට ගෙන තවත් ලීටර් 210 පිරවූ බැරල් එකක් කැලෑව තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
ඉන්ධන බවුසරයේ රිය සහායකයා එම ඉන්ධන ලීටර් 40 ක ප්රමාණයකවු කෑන් දෙක සමග සීගිරිය පොලීසියට රැගෙන යෑමට පොලීසිය කටයුතු කර තිබියදී අනෙක් ලීටර් 210 ක් පිරවූ වූ ඩීසල් බැරල් එක රැගෙන යෑමට සූදානම් කර තිබියදී එහි ගිය ජනමාධ්‍යවේදීන් අවට පරීක්ෂා කිරීමේදී කැලෑව තුළ බැරල් එකට මීටර් පනහක් පමණ දුරකින් කැලෑවේ පුද්ගලයෙකු නිදාගෙන සිටින අයුරු රූගත කර ගැනීමට හැකිවී තිබේ.
පසුව ජනමාධ්‍යවේදීන් පොලිසියට කතා කොට යම් කිසි පුද්ගලයෙකු කැලෑව තුළ සැඟවී නිදාගෙන සිටින බව පෙන්වා දීමෙන් පසු පොලිසිය ඔහු පිළිබඳ ව පරික්ෂා කිරීමේදී මෙම බවුසර් රථයේ රියැදුරු බව හෙළිවීඇත .
රථයේ රියදුරු වරයා ලෙස සැඟවී සිටි තරුණයා කියා සිටියේ ඉන්ධන පිරහුම්හලකට ඉන්ධන ලබාදී එයින් ඉන්ධන ප්‍රමාණයක් තම ටැංකි රථයේ ඉතිරි කරගෙන පැමිණ ඒවා අලෙවි කිරීම් අතරමගදී සිදුකළ බවය
අත්අඩංගුවට ගත් ඉන්ධන බැරල් එකට අමතරව තවත් බැරල් ලීටර් 210 ක් වූ බැරල් එකක් රැගෙන ගියේ කොහේ ද යන්න තමන් නොදන්නා බව රියදුරු ප්‍රශ්න කිරීමේදී පොලිසියට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .එම් . කොබ්බෑකඩුව මහතා පොලිස් ජිප් රථයෙන් එම ස්ථානයට පැමිණ කැලෑවේ සඟවා තිබූ ලීටර් 210 ඩිසල් ඉන්ධන පිරවුම් බැරල් එක සහ ඉන්ධන පිටතට ගැනීම සඳහා යොදා ගත් බටය පොලිස් භාරයට ගෙන සීගිරිය පොලිසිය ද රැගෙන යෑමට පියවර ගත්තේය
රථයේ රියදුරු මෙන්ම සහයකයාද ඉන්දන බවුසර් රථයද පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තේය.
එමෙන්ම සිද්දිය වූ ස්ථානයේ සිට කිලෝමීටර්1 ක් පමණ දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටා ඇති අතර එම ස්ථානයේ ද දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ අතර එම ස්ථානයේ සිටි කීප දෙනෙකු කියා සිටියේ මීට පෙරද මෙම බවුසර් රථයෙන් මෙම ස්ථානයේම ඩීසල් ලීටර් 400 ක පමණ ප්‍රමාණයක් පිටස්තර අයට අලෙවි කරනු තමා දුටුබවය
තවත් අයෙකු කියා සිටියේ මෙම සැඟවී සිටි පුද්ගලයා ඉන්ධන බවුසරයෙන් ඉන්ධන බාන ආකාරය තමන් දුටුබවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

