රුසියාවෙන් සියයට 35ක් අඩු මුදලට දෙන තෙල් මිලදී ගැනීමට ඇමෙරිකාව නිසා ශ්‍රී ලංකා කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.අද (07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"අද ව්‍යාපාරිකයන් හිතූ ගානට හිතුන දෙයක් විකුණනවා. මේ බලය ඔවුන්ට ආවේ කොහොමද? මේ බලය ඔවුන්ට දුන්නේ කවුද? මේ රටේ හැම මට්ටමකම ව්‍යාපාරිකයන් අද වන විට අයුතු ලාභ හම්බකරනවා. අද පාරිභෝගිකයා මේ කොටස්වලට ගොදුරු වෙලා ඉන්නවා.
මේකට ඇයි ආණ්ඩුවට මොකුත් කරන්න බැරි. මතවාදය නිසා. රුසියාවෙන් තෙල් ගෙන්නන්නැත්තේ ඇයි? රුසියාවෙන් සියයට 35ක් අඩුවෙන් තෙල් දෙන්නේ. අන්න ඉන්දියාව ගෙන්නනවා, සිංගප්පූරුව ගෙන්නනවා, තායිලන්තය ගේන්නනවා, සියයට 35ක් අඩුවෙන්.
ඇයි අපි ගෙන්වන්නේ නැත්තේ ඇමෙරිකාව තරහා වෙන නිසා. ඔන්න මතවාදය ඇවිල්ලා ගැටෙන තැන. මතවාදය අවශ්‍ය නෑ ලාභෙට ලැබෙන රුසියානු තෙල් ගෙන්වන්නේ නැතිව අපි අද ඩොලර් කලාපයේ ප්‍ර දේශවලින් තෙල් මිලදී ගන්නට තීරණය කරලා තියෙනවා.
රුසියාවෙන් දෙන දිර්ඝ කාලීන ණය පහසුකම අප අත්හැරලා තියෙනවා රුසියාවෙන් දෙන. මම දන්න හැටියට රුසියානු තානාපතිතුමා ලියුමකුත් එවලා තියෙනවා අපේ බලශක්ති ඇමතිතුමාගේ අමාත්‍යාංශයට. එතුමා දැක්කද දන්නේ නෑ.
මම ලෑස්තියි රුසියාවෙන් තෙල් ලබාදිමේ වැඩපිළිවෙල ගැන කථා කරන්න කියලා. කෝ කථා කරන්න ගියාද? මේ වගේ අපරාධයක් තවත් තියෙන්න පුළුවන්ද? මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙනවා තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල භූමිතෙල් පෝලිම්වල.
බලාගෙන ඉන්න අමාරුයි අපිට, මේ අපේ ලංකාවද මේ වගේ අපායක් වුණේ? අඩුගානේ මේ කාර්ය කරන්න. රුසියාවෙන් තෙල් ලබාගැනීමට මැදිහත් වෙන්න කියලා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මතවාදයේ හරස්කඩ නැත්නම්."