බලශක්ති ක්ෂේත්රයේ ආයෝජකයන් දෙදෙනෙක් ලංකාවට
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සදහා ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකයින් දෙදෙනෙකු 06/01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින් ඉසුරු යාපා මහතා සහ යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරමින් ස්විට්සර්ලන්ත ජාතික ලුඩවිකෝ ෆිනොට්ටෝ මහතා එසේ පැමිණ සිටියහ .
ඔවුන් මෙරට වැවෙන ශාක පත්‍ර , නවීන තාක්ෂණය සමග මුසු කර නවතම බලශක්ති ප්‍රභවයක් හදුන්වා දීමට අදහස් කරන අතර , ඊට අමතරව නවීන බලශක්ති තාක්ෂණය මෙරටට හදුන්වා දීමට සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති මෙරට තුළ වැඩිදියුණු කිරීමට ඔවුන් අපේක්ෂා කෙරේ.
ඔවුන් මේ පිළිබදව රජයේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය .
මෙම ආයෝජකයින් දෙදෙනා 06/01 දින රාත්‍රී 09.25 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී උසස් අන්දමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

