බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිෂම තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම නඩු පැවැරීම සිදුකිරීමට නියමිතය.
රජයේ මුදල් රුපියල් මිලියන 8 ක් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මෙසේ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
පොහොර සංස්ථාවේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරයි.ගෙවීම් ක්‍රියා පටිපාටි සහ ටෙන්ඩරයට අදාළ බැඳුම්කර සම්බන්ධයෙන් ගැටලු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ ව තිබේ.
මෙම අක්රමිකතාවට අදාළව සිදුකරනු ලැබූ පෙර විමර්ශන සලකා බලා අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත අරම්භ කර තිබුණි.ඒ අනුව දූෂණ චෝදනාවලට මුහුණ දෙන වත්මන් රජයේ පළමු අමාත්‍යවරයා කුමාර ජයෙකාඩි වනු ඇත.
මීට පෙර, මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී මෙම ප්රශ්නය මතු කරමින් කියා සිටියේ පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙකු NPP කැබිනට් මණ්ඩලයේ සේවය කරන බවයි.