රුසියානු තානාපති යූරි මැටේරි (Yury Materiy) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ. හමුව අද (27) දහවල් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සඳහා 2022 දී 65 වසරක් සපිරේ. ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී මෙන්ම අවැසි සෑමවිටම රුසියාවෙන් ලැබෙන සහාය පැසසුමට ලක් කළේය.
තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අතර සාකච්ඡාවට ලක් කෙරිණ.
