බලය ගැනිම සඳහා පොදු ජන පෙරමුණට විශාල සැලැස්මක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
එම පක්ෂය අලුත් අවුරුද්දෙන් පසුව වැඩ ආරම්භකරමින් පැවැති වැඩසටහනින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට
පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
එසේම මෙවර වෙසක් පොහෝ දිනය හා මැයි දිනය එකම දිනයක යෙදි ඇති හෙයින් මෙවර මැයි දිනය සැමරිමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදු නොකරණ බවද ඔහු පැවැසීය.
"පෝය දවසක මැයි දිනය තියන්නේ නෑ. පිංකම් මාලාවක් කරනවා. අපි සිල් ගන්නවා." යැයි ඔහු පැවැසිය.
එසේම ආණ්ඩුව වෙනස් වෙන බවත් ඒ සඳහා තම පක්ෂය සූදානම් බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවැසිය.