බලපත්‍ර 2ක් සමගඅත්අඩංගුවට පත් චීන ජාතිකයා චීනයේ වරෙන්තුකරුවෙක්
විදේශගමන් බලපත්‍ර දෙකක් සමග මෙරටට පැමිණ සිටියදී මෙරට ආගමනවිගමනදෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් චීනජාතිකයාට එරෙහිවචීනයේ අධිකරණයක් විසින්ද ඔහුව අත්අඩංගුවටගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (29දා) දැනුම්දුන්නේය.
එසේම එම අවස්ථාවේදී චීන ජාතිකයා විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම අභියාචනාධිකරණය ප්රතික්ෂෙප කළේය.
තමන් චීනයට පිටුවහල් නොකොට ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමට නියමකරන්නැයි ඉල්ලා %ලී පෑන්^නමැති චීන ජාතිකයා ගොනුකළ රීට් පෙත්සම මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි.
අභියාචනාධිකරණයේසභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
චීන ජාතික ලී පෑන් නමැත්තාගොනුකළ රීට් පෙත්සමේ වගඋත්තරකරුවන්වශයෙන් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා නම් කර ඇත.
තමන් මෙරටට පැමිණි අවස්ථාවේදී චීනයේ සහ ගිනි රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබූ බවත්, ඉන් ගිනි රාජ්‍යයට අයත් විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් යැයි චෝදනා කරමින්ආගමන හා විගමන නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගත් බවසඳහන් කරන චීන ජාතිකයා තමන් චීනයටපිටුවහල් නොකොට ඩුබායි රාජ්යයටපිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලීමක්ද කළේය.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම්කාර චීන ජාතිකයා මත්ද්රව්යචෝදනාවක්සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා චීන රජයේ අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු යැයි දැනුම් දුන්නේය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ට පහරදුන් බවත්, ඉන් තමන්ට තුවාල වූ බවත්, පෙත්සම්කාර චීන ජාතිකයා සිය පෙත්සමේ සඳහන් කර ඇතැයි දැනුම්දුන් ජනක බණ්ඩාර මහතා, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම තුවාල තමන් විසින්ම සිදුකරගත් ඒවා බව ඔහු පිළිගෙන ඇතැයිද දැනුම් දුන්නේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කරුගේ ඉල්ලීමට අවසර දුන් අධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
popular news
-
Kumar Wednesday, 31 May 2023 02:07 AM
Cheenaye mathdrawya javaram kaarayint labenney mariya danduwamayi. lankawa athulu anek ratawala wickunana mathpethiwalat awashya amudrawya nipadawanney cheena samagamakalu. amerikawa ema samagamata sumbadaka panewwata pusuwa wenanamakin ema drawya nipadenawaalu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

