බර්ටි දිසානායක පදනම දස වැනි වරටත් සංවිධානය කළ දුන්තෙල් බත් දන්සැල පොසොන් පෝදා අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී ඊයේ (14දා) පස්වරුවේ සිට පසුදා (15දා) පහන්වන තුරු අනුරපුරට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුනගේ කුස ගිනි නිවමින් අති සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් හා බර්ටිදිසානායක පවුලේ ඥාතීන් , හිතවතුන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම දන්සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
සුපුරුදු පරිදි දුන්තෙල් බත් මෙවරත් බෙදා දීම සිදු කෙරුණු අතර, ප්‍රමිතියෙන් යුතු බෝතල් කළ පානීය ජලය, අතුරුපස සදහා කෙසෙල්, අංග සම්පූර්ණ ආහාර වේලක් භුක්ති වීදීමට එහි පැමිණි ජනතාවට හැකි විය.
පසුගිය මැයි මස 09 වැනි දින ගින්නෙන් විනාශ වූ නිවාස පරිශ්‍රයේ මෙම දන්සල පැවැත්වුණ අතර, ගින්නෙන් නිවස හා දන්සැල පවත්වන ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබූවද එම අඩුපාඩු සියල්ල පසෙකට දමා මෙම දන්සැල සුපුරුදු පරිදි ඒ ආකාරයෙන්ම සංවිධානය කර තිබිණි.



