බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ වෛද්‍ය වියදම් ගැන අමාත්‍යාංශය පහදයි
එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවීන් මගින් පළ කර ඇති චෝදනාත්මක පුවත් සම්බන්ධයෙන් තව අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
තෙවන රටක දී ලබා ගැනීමට සිදුවන වෛද්‍ය ප්‍රතිකාරයන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අමාත්‍යාංශීය චක්‍රෙල්ඛ, ස්ථාපිත ක්‍රියා පටිපාටි හා පූර්වාදර්ශ පදනම්ව මෙම වියදමට අදාළ ගෙවීම් අනුමත කර ඇති බව අමාත්‍යාංශය පැවැසීය.
සියළුම රජයේ නිළධාරීන්, ශ්‍රී ලංකාවේ දී ප්රතිලාභ හිමිවන “අග්‍රහාර“ නමැති වෛද්‍ය යෝජනා ක්‍රමයට දායක වන අතර ඒ සමානවම ශ්‍රී ලංකා රජය මගින් පත්වීම් ලබා දී විදේශ තානාපති කාර්යාලයන්හි සේවය සඳහා යොමු කර ඇති සියළු නිළධාරීන්ගේ අත්‍යාවශය වෛද්‍ය ප්‍රතිකාරයන්හිදී ප්රතිලාභ ලබා දීමට සකසා ඇති වෛද්‍ය යෝජනා ක්රමයේ විධි විධානයන්ට යටත්ව මෙම ගෙවීම් සදහා අනුමැතිය ලබා දී ඇතැයිද අමාත්‍යාංශය පවසයි.
පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය සමග සම්බන්ධවීමට නොහැකි රාජ්‍ය නිළධාරීන් මෙහිදී අපකීර්තියට පත්වන අතර මෙම සිදුවීමේදී මෙන් බරපතල වෛද්‍ය ගැටළුවක දී පවා සිය පෞද්ගලිකත්වයට හානි ගෙන දෙන අන්දමින් විවේචනයන් සිදු කිරීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යාංශය වැඩිදුරත් පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
