තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි ජෝශප් එඩ්වඩ් (72) නැමැති අයෙකි.
වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී එහි සිටි බඹරුන් ඇවීස්වී පුද්ගලයන් දෙදෙනෙකුට දෂ්ඨ කොට ඇති බව පොලීසිය කියයි.
බඹරුන් දෂ්ඨ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන ආ බවත්, ඉන් එක් අයෙකු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවැසීය.
අනෙක් පුද්ගලයාටද විශාල බඹරුන් පිරිසක් දෂ්ඨ කොට ඇති බවත්, එම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද ජෙයරාජන් මහතා කීය.