කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (08දා) රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
පාසල් ගොඩනැගිල්ලක බඹර වදයක් තිබී ඇති අතර එය පාසල අවට සිටි වඳුරන් රැලක් විසින් එකවර කඩා දැමීමෙන් බඹරු ඇවිස්සීම හේතුවෙන් බඹරු පාසල් සිසුදරුවන්ඨ දෂ්ඨ කොට ඇත.
කෙසේ වෙතත් බඹරු දෂ්ඨ කිරීමත් සමග පාසලේ හදීසි සීනුව නාද කිරීමට පාසල් කාර්ය මණ්ඩලය පියවර ගැනීමත් සමග සිසු දරුවන් ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් ඇති අතර පාසල් මිදුලේ සිටි සිසුන් පිරිසකට පමණක් බඹරුන් දෂ්ඨ කර ඇත.
බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් 25 දෙනාගෙන් 11 දෙනකු කිලිනොච්චිය මහ රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන අතර සෙසු දරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද රෝහල් ආරංචි මාර්ග පැවසූහ.
රෝහල වෙත ඇතුලත් කළ දරුවන්ගේ තත්වය බරපතල නොවන බවත් ඇතැමුන් කම්පන තත්වය හේතුවෙන් රෝහල් ගතකොට ඇති බවද වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසූහ.
අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය, පොලීසිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව බඹරුන් පලවා හැරිම හා කූඩු විනාශ කිරීමට පියවරගත් බවද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
