බිම් බෝම්බ ඉවත් කළ උතුරේ මුහමාලේයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 2186 ක් ඒ හිමිකරුවන්ට නැවත භාර දීමට රජය ක්‍රියා කළා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් මුහමාලෙයි ඉත්තාවිල්, වෙම්බට්කර්නි, කිලාලි, අල්ලිප්පෙලයි යන ග්‍රාම නිලධාරි වසම්වල මෙසේ බිම් බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය ඉවත් කෙරුණා.
මෙම ප්‍රදේශයේ පුද්ගල නාශක බෝම්බ 87290 ක් වල දමා තිබියදී හමුවුණා.
පුපුරා නොගිය බෝම්බ පතරොම් හා අනෙකුත් අවි කොටස් 196985 ක් සොයා ගත්තා. මෙසේ පුපුරන ද්‍රව්‍ය ඉවත් කළ ප්‍රදේශයේ පවුල් 270 කට අයත් ඉඩම් යළි එම ජනතාව වෙතම ලබා දුන්නා. භූමිය පිරිසිදු කර දීම පමණක් නොව නිවාස 197 ක් යළි ඉදි කර එම ජනතාවට ලබාදීමද සිදු කෙරෙනවා.
අනෙකුත් පොදු පහසුකම් ද මෙම ප්‍රදේශවල ඇති කර තිබෙනවා. නිවාස ඇතුලු අනෙකුත් පහසුකම් ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ආරක්ෂා සහිතව තමන්ට උපන් ගම්බිම්වල යළි පදිංචිවීමට ලැබීම මහත් සහනයක් බවයි මෙසේ පදිංචි වූ පිරිස ප්‍රකාශ කරන්නේ.