බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන හලක් අසළ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝට මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති අතර වෙඩි තැබීමෙන් පසු රථ දෙකම පළා ගොස් ඇතැයි පොලීසිය කියයි. සිදුවීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු කිහිපයක් සොයා ගෙන ඇති අති අතර බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.