බන්ධනාගාර නිලධාරීන් සියයට 77කට සහ නිලධාරිණියන් සියයට 56කට ශාරිරික දුබලතා
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පිරිමි නිලධාරින්ගෙන් සියයට 77කට සහ කාන්තා නිලධාරිණියන්ගෙන් සියයට 56කට ශාරිරික දුබලතා පවතින බව බෝනොවන රෝග ව්‍යාප්තිය සම්බන්දව පැවති වෛද්‍ය සායනයේ දි අනාවරණය වි ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමෙන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
මෙය තිරණාත්මක අවධානම් තත්ත්වයක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. බන්ධනාගාර පිරිමි නිලධාරින්ගෙන් සියයට 29ක් පමණ දුම්පානය සිදුකරණ අතර සියයට 26ක් බුලත්විට පරිභෝජනය කරණ බවද මෙම වාර්තාවේ සදහන් වේ. කාන්තා නිලධාරිණියන්ගෙන් සියයට 05ක් බුලත්විට පරිභෝජනය කරණු ලබන අතර පිරිමි බන්ධනාගාර නිලධාරින් අතර මත්පැන් පානය කිරිම ඉතා ඉහළ ව්‍යාප්තියක් දැකිය හැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙම හැසිරිම හේතුවෙන් විශේෂයෙන් හෘදරෝග පරිවෘත්තිය රෝග, සහ මුඛ පිළිකා වැනි රෝග ඇතිවිමේ අවධානමක් පැවති බවද අනාවරණය වි ඇත.
පිරිමි බන්ධනාගාර නිලධාරින්ගෙන් සියයට 28කට අධිරුධිර පිඩිනය පවතින අතර එය කාන්තා නිලධාරිණියන්ගෙන් සියයට 16කි.පිරිමි බන්ධනාගාර නිලධාරින්ගෙන් සහ කාන්තා නිලධාරිණියන්ගෙන් සියයට 14 ක් දියවැඩියාව රෝගි තත්ත්වයෙන් පෙලෙන බවද මෙම වාර්තාවේ සදහන් වේ.පිරිමි බන්ධනාගාර නිලධාරින්ගෙන් සියයට 13කට කොලෙස්ටරොල් පවතින අතර ඇතැම් පිරිසක වකුගඩු අකර්මණ්‍යතාවක් පෙන්නුම් කරණ බවද මෙම වාර්තාවේ සදහන් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමේ අරමුණින් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස 12 හා 13 යන දිනයන්වල බෝනොවන රෝග ව්‍යාප්තිය සම්බන්දයෙන් මෙම වෛද්‍ය සායන පවත්වා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
