ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සදහා නව බලකායක් ලෙස බඳවාගත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ පළමු කණ්ඩායමේ භටයින් 194 දෙනෙකු විසිරයාමේ උත්සවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) අගුනුකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබිය.
බන්ධනාගාර නියමකවරු ලෙස සිවිල් සමාජය තුලින් නවකයින් බදවාගන්නා වෙනුවට දශක තුනකට අධික කාලයක් පුරාවට අපරට වෙලා ගෙන තිබු කුරිරු LTTE ත්‍රස්තවාදය නිමකිරීමට සෘජුවම දායකත්වය ලබාදුන් මේ වනවිට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නිත්‍යානුකුලව ඉවත්වූ අය යොදාගනිමින් මෙම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්ක්‍රමික බලකාය පිහිටුවනු ලැබ තිබේ.
බන්ධනාගාර තුල සිදුවන සිදුවියහැකි සියලුම ආකාරයේ නීතිවිරෝධී හා දුෂිත ක්‍රියා මෙන්ම අපරාධමය චර්යාවන් මර්ධනය කිරීමටත් රැදවියන්ගේ ආරක්ෂාව වඩාත් තහවුරු කරමින් සංයමයෙන් කටයුතුකරන අතර තුල ආරක්ෂිත මෙන්ම භුද්ධි අරමුණු පලදායි ලෙස සපුරා ගැනීමේ අරමුණින් යුතුව මෙම කණ්ඩායම බන්ධනාගාර තුල ස්ථාපිත කර තිබෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටියේය.
මෙම බලකාය වෙත හමුදාවල සේවයකරන ලද සේවා මුක්ත බටයින් 500 දනෙකු බඳවා ගැනීමට නියමිත අතර පළමු අදියර යටතේ බදවා ගනු ලැබූ 194 දෙනා වන්නේ අද දින විසිර ගිය කණ්ඩායම වේ.එමෙන්ම ඉදිරි සේවා මුක්ත බටයින් බදවා ගැනීම ඉදිරියේදී සිදුකිරීමට ජනපතිවරයා උපදෙස් දී ඇතිබවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
එමෙන්ම ත්‍රිවිධ හමුදාව තුලදී සිදුකරනු ලැබූ එම උත්තරීතර සේවට කිසිදු ආකාරයක කැළලක් නොවන ලෙස බන්ධනාගාර දෙපාර්ත මේන්තුව වෙත සේවය කරනු ඇතැයි ආරක්ෂක ලේකම් ලෙසත් යුධ හමුදාවේ වසර 35කට වැඩි කාලයක් තිස්සේ සේවයකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් දන්වා සිටින බව විසිරගිය නව භට පිරිස අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා ප්රමුඛ බන්ධනාගාර ,යුද හමුදා, පොලිස් නිලධාරීන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගි වී සිටියහ.
  
|