බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකු උදෙසා එළඹෙන ජූලි මස 2 වෙනිදින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක් , බන්ධනාගාර අධිකාරීවරයෙක් , සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අටදෙනෙක් හා, වැඩ බලන බන්ධනාගාර අධිකාරීවරුන් පස්දෙනකුට වන බව සඳහන්ය.
විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඒ. සි. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඩි. ආර්. එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර ඇත.
වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදත් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර ඇත.
ඉන්දික හේවාවිතාරණ/බිමල් ශ්‍යාමන්