බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අවධානය
ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
ඔහු මෙම අදහස් පළ කළේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමෙන් පසුව දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කරමිනි.
"මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා හරහා ලැබී තිබෙනවා.
ඔබ කරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතුයි. ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා.
නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කරන්න බැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ ජනවාරි 31 වන දින වන විට මාස තුනකට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිය නොහැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන්ට සමාව දෙනවා වගේම අලෙවි කරන්න්නට කිසිම සමාවක් නැහැ.
මත් ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් ඉල්ලුම නතර කිරීමට නම් සමාජයේ සහාය අවශ්‍යයි. ඔබට ආර්ථික ගැටළු පවතින්න පුළුවන් නමුත් සමාජ විරෝධි කටයුතු කිරීමට කටයුතු කරන්න එපා. බන්ධනාගාර වෘත්තිය ගෞරවණිය වෘත්තියක් වන බැවින් සේවයේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ යුතුයි. ගෞරවය බන්ධනාගාර නිලධාරීන් අතරත් යම් යම් ප්රතිලාභ අපේක්ෂාවෙන් සමාජ විරෝධි කටයුතු කරනු ලබන නිලධාරීන් ඉන්න පුළුවන්. කිසියම් ප්‍රතිලාභයක් වෙනුවෙන් තවත් අයෙතුගේ ජීවිතයක් විනාශ නොකළ යුතුයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

