බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා, කොහේද රට තියෙන්නේ?
සමාජය පිළිබඳ වගකිවයුතු ආයතන සියල්ල සැලකිය යුතු ප්රමාණයකින් බිඳ වැටී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
“සමාජය පිළිබඳ වගකිවයුතු ආයතන සියල්ල සැලකිය යුතු ප්රමාණයකින් බිඳ වැටී තිබෙනවා. අපේ රටේ අපරාධ වැලැක්වීම සඳහා තිබෙන පොලීසිය එහි සියල්ලම නොවුනත් යම් ප්රමාණයක් අපරාධ කරුවන්ගේ ආරක්ෂාව බවට පත්වෙලා තිබෙනවා. අපරාධකරුවන් මැඩ පවත්වන්න ඕනී පොලීසිය , ඒත් එහි යම් කණ්ඩායමක් ඉන්නවා අපරාධ කරුවන් ආරක්ෂා කරන. ආගමන විගමන දෙපාර්තමේන්තුව තිබෙන්නේ නීති විරෝධීව පාස්පෝට් නිකුත් කිරීම වැලැක්වීම සඳහා. ඒත් එම ආගමන විගමන දෙපාර්තමේන්තුවම පාතාල නායකයන්ට නීති විරෝධී පාස්පෝට් හදලා දෙනවා. ආයතන වල තිබෙන වගකීම අත්හැරලා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තියෙන්නේ සිරකරුවන් ආරක්ෂා කර ගන්න, ඔවුන්ට පහසුකම් සපයන්න. ඒත් එම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා. කොහේද රට තියෙන්නේ?”
popular news
-
Prabath Tuesday, 10 June 2025 10:21 AM
Samaharu rajaye depala walata gini thibba, ahinsaka minissu marauwa ethakota rata thibbe koheda kiyala mathakada. E thibunu rajaya ewa mada pawaththuwa. Rata thibuna thathwayata genawa. Dan kayya gahala wadak naha. Janathawa owa dannawa. Andanna yanna epa.
Reply : 0 0
Nimal Wednesday, 11 June 2025 07:44 AM
Aadambarai Janadhipathi Tumani, Amaruwan Hari Methatwayata Rata Genaemata Karana Uthsahayata.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

