මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වන වගකිම තමන් භාර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. සිදුවිම සම්බන්ධයෙන් විශාල කම්පනයක් ඇති
බවත් මිය ගිය අයගේ පවුලේ අය වෙනුවෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.
"මිගමුව බන්ධනාගාරය දැන් සන්සුන් වෙලා තිබෙනවා. නමුත් අපි විශාල කම්පනයකට ලක්වෙලා ඉන්නවා.
රැඳවියෝ මිය ගිහින් තිබෙනවා. කාර්ය මණ්ඩලය මිය ගිහින් තිබෙනවා. කාර්ය මණ්ඩලයද රැදවියොද
කියන එක නෙමෙය් ප්රශ්නය. මනුෂ්‍ය ජීවිත නැති වෙලා තිබෙනවා.
මිය ගිය අයගේ පවුල්වලට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඉදිරියේදී මේ වගේ දෙයක් නොවෙන්නයි
ඕන. අපි කාටවත් වරද පටවන්නේ නෑ. මගේ භාරයේ තියෙන ආයතනකය් මේ දේ වෙන්නේ. ඒ වගකීම
මට භාර ගන්න වෙනවා. ඉතා ඉක්මනින් පිළියම් යොදන්න ඕන. කල්ලි කණ්ඩායම් දෙකක් අතර ගැටුම
ඇතිවෙලා තිබෙනවා.කාර්ය මණ්ඩලයත් සමග නෙමෙයි ගැටුම තිබිලා තියෙන්නේ. "