බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ සියලු දෙනා හඳුනාගන්න ක්‍රියාවළියක් ක්‍රියාත්මකයි
බන්ධනාගාර ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව හඳුනාගැනීම සඳහා සමස්ත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් සම්බන්ධයෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 1,500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 61කට වැඩි පිරිසක් චූදිතයන් ලෙස නම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.
එමෙන්ම, අගෝස්තු 21 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිත බවත්, සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 925 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන්ද විමර්ශන හා ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව පැවසීය. එමෙන්ම ගිනිඅවි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.
බන්ධනාගාර සිදුවීම් අතර අන්තර් සම්බන්ධතාවක් හෝ බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳවද අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදුකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම සිදුවීම් සම්බන්ධයෙන් හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවාට අවශ්‍ය පිළියම් යෙදීමේ කටයුතුද සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

