ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම, බන්ධනාගාර තදබදය අවම කිරීම සහ බන්ධනාගාරවල ගැටුම්වලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන්නේය.
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ නඩු ලක්ෂ 11ක් ගොඩ ගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙම නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙමගින් ඉල්ලා සිටී
මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම කණ්ඩායමේ මන්ත්‍රී පිරිසක් අත්සන් තැබූහ. යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දෙනු ලැබීය .
