බන්ධනාගාර කොමසාරිස් අනිවාර්රය නිවාඩු යැවීම නීති විරෝධියි යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම ජනපති සමාව ලබානොදුන් සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට පත්වන්නේ නම් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම ජනපති ලේකම්වරයාද අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ඔහු පවසයි.
"ජනාධිපතිතුමා විසින් සමාව ලබා නොදුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව තීරණය කලා. කවුද වැරදි කියලා තේරුම් ගන්න නම් ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය මුලින්ම තේරුම් ගන්න ඕනි. සමාව දීමේ නිර්ණායක සඳහන් කරලා මේ නිර්ණායක වලට අයිති සිරකරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම්ට එවන්න කියලා ජනාධිපති ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යනවා.
ඒ ලිපිය අමාත්‍යාංශ ලේකම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට යවනවා. කොමසාරිස් ජනරාල් මේ ලිපිය සෑම බන්ධනාගාරයකම අධිකාරිට යවනවා. එතකොට ඒ නිර්ණායක අදාල වන සිරකරු ලැයිස්තු අධිකාරිවරු හදලා ජනරාල් සහ ලේකම් හරහා ජනාධිපති ලේකම්ට යවනවා. ජනාධිපති ඒකට අත්සන් කරනවා.
දැන් මේ ලැයිස්තුව නැවත ජනාධිපති ලේකම් අමාත්‍යාංශ ලේකම් සහ කොමසාරිස් ජනරාල් හරහා බන්ධනාගාර අධිකාරිවරුන්ට යනවා. එහෙම නම් සිරකරු නමක් හොරෙන් ඇතුළු කරන්න පුළුවන් හතරදෙනෙකු ඉන්නවා. ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම්, කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර අධිකාරි.
නම ඇතුළු කලේ බන්ධනාගාර අධිකාරි නම් අධිකාරි අත්අඩංගුවට ගන්න ඕනි. හැබැයි කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගන්න හේතුවක් නෑ. නම ඇතුළු කලේ කොමසාරිස් ජනරාල් නම් කොමසාරිස් ජනරාල් ඇතුලේ ඉන්න අතරේ අධිකාරි එළියේ ඉන්න ඕනි. මේ දෙන්නාම එකවර ඇතුලේ ඉන්න පුළුවන් කමක් නෑ. වගවීම යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් මේ කාරණයට සම්බන්ධ ඊටත් ඉහලින් තවත් දෙදෙනෙකු ඉන්නවා. ඒ තමයි අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්. වගවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විධියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් පිරිසක් ඇවිත් මාව හමු වී මේ සිදුවීම පැහැදිලි කළා. වෙසක් පෝයට සිරකරුවන්ට සමාව ලබා දීමේ ක්‍රියාදාමය පැහැදිලි කලා. ඒ අය කියන විධියට ජනාධිපතිතුමා විසින් සිරකරුවන් නිදහස් කිරීමේ නිර්ණායක ලබා දුන්නාට පස්සේ සමහර සිරකරුවන් වෙසක් පෝය දවසේම නිදහස් වෙනවා. ඒ අයගේ නම් ලැයිස්තුව ජනාධිපතිගේ අත්සනට යවනවා.
සමහරුන්ට හිරේ ගත කළ සෑම වසරකටම සතිය බැගින් සිර දඬුවම අඩු කිරීමේ සමාවක් ලැබෙනවා. එතකොට අවුරුදු 10ක් හිටිය සිරකරුවෙකු නම් එයාගේ දඩුවම් කාලය සති 10කින් අඩු වෙනවා. අවුරුදු පහක් නම් සති පහයි අඩු වෙන්නේ. ඒ අය නිදහස් වෙන්නේ වෙසක් පෝය දවසේ නොවේ.
ඒ අයගේ අඩු වුණු සිර දඬුවම ගෙවී අවසන් වන දවසේ. අනුරාධපුරයේ සිරකරු දඩයක් ගෙවා ගන්න බැරිව සිරගත වෙලා ඉන්න අතරේ ජනපති සමාවෙන් දඩය අහෝසි වුණා. ඒත් තවත් නඩු ගණනාවකට රක්ෂිත බන්ධනාගාර වෙලා සිටිය නිසා පෝය දවසේ එළියට යන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ නඩු වලට ඇප ලැබුණාම ඔහුට එළියට යන්න අවස්ථාව ලැබුණා. හරි හෝ වැරදි මේක තමයි ඉතිහාසය පුරා ක්‍රියාත්මක වුණු ක්‍රමවේදය.
තුෂාර උපුල්දෙනිය කියන්නේ දේශපාලකයින්ට කඩේ යන්නේ නැති සෘජු නිලධාරියෙක්. මේ කලබගෑනිය ආණ්ඩුව දැක්කේ කොමසාරිස් ජනරාල්ව ඉවත් කරලා ඒකට අපේ ඉත්තෙක් දා ගන්න තිබෙන ස්වර්ණමය අවස්ථාව විධියටයි. ඒකයි ඔහුව අනිවාර්රය නිවාඩු යවන්න ආණ්ඩුව තීරණය කලේ කියලයි අපට හිතෙන්නේ.
රෝයල් පාර්ක් මරණයට වැරදිකරු වුණු ජයමහට ජනාධිපති සමාව ලබා දීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව විධායකයට අත්තනෝමතිකව තීන්දු ගන්න බෑ. ඒ සෑම තීන්දුවක්ම තාර්කික සහ සාධාරණ වෙන්න ඕනි. උපුල්දෙනිය පිළිබඳ කිසිම මූලික විමර්ශනයක් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොවී ඔහුව අනිවාර්රය නිවාඩු යැවීමට ඇමති මණ්ඩලය තීරණය කිරීම අත්තනෝමතික තීරණයක්. ඒක උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න උපුල්දෙනිය මහතා කටයුතු කලොත් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා.”