වර්ථමානයේ බන්ධනාගාර දූෂිත මෙන්ම සිරකරැවන්ට නිසි පරිදි සැලකීම් නොකරන තැනක් බවට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.
අන්තිම කැමති පත් (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 05ක් සම්බන්ධයෙන් අද (19දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියායා.
රටේ ඉඩම් සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ කටයුතු බොහොමයක් මුදලට සිදුවෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාල දෙකක් තියනවා. ඒ වගේම රටේ හැම තැනම කාර්යාල තියෙනවා. හැම බිම් අඟලක් සම්බන්ධයෙන්ම විස්තර එහි තියනවා. මේ තැන් වලින් ජනතාවට ලබාදෙන සේවය පුළුවන් උපරිමයෙන් කළ යුතුයි. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ලොකු වියදමක් දරන්න බැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙන කටයුතු ස්වාධීන විය යුතුයි. නීතිඥ ප්‍රජාව හැටියට මේ පහසුකම් පනත් සංශෝධනය වෙනවා වගේම මේ ගැන පැකිලීමකින් තොරව අපි අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. යම් යම් තැන්වල යම් යම් ආයතන වල සිද්ධ වෙන වංචාසහගත දේවල් දූෂිත ක්‍රියා තියෙනවා. මේකට සෘජුවම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ විය යුතුයි. පොලිසියේ වගකීම අති විශාලයි. හැමෝම එකතු වී මේවා ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ රටේ නීතිය මේ සිස්ටම් එක හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ.
ඒ වගේම බන්ධනාගාර ආඥා පනතේ නීති සංශෝධනය කිරීමෙන් ගොඩක් දුරට සිරකරුවෝද මනුශ්‍යයෝය කියන එක තහවුරු කරන්න ඇමතිවරයා උත්සාහ කර තිබෙනවා. බෝනොවන සනීප කළ නොහැකි ලෙඩ හැදිලා ඉන්න ලෙඩුන් පවා බන්ධනාගාර තුළ ඉන්නවා. ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක් සංශෝධන මගින් දාලා තිබෙනවා. එය සෞඛ්‍ය අධ්යක්ෂ විසින් නම් කරන වෛද්‍ය මණ්ඩලයක් විය යුතුයි. එය සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. දැන් ඇත්තටම බන්ධනාගාරය ගැන කතා කරන්න දෙයක් නෑ. ඇත්තටම දූෂිත වෙලා. ඒක මිනිසුන්ට සලකන්නේ නැති තැනක් කියලා තමයි මට කියන්න වෙන්නේ.